Friday, September 30, 2011
අලුත්කඩේ සහ පරණ මම
මම කවදාවත් අලුත්කඩේට ඇවිත් ගිනි අව්වේ,කලු කෝට් එකක් ඇඳගෙන රස්සාවක් කරන්න හිතාගෙන හිටපු එකෙක් නෙවෙයි.ඒත් අපි ආසා දේවල් අපිට කරන්න නොලැබීමේ සිද්ධාන්තය අනුව මටත් එන්න උනා මෙතනට. මෙතනට එන්න කලින් ඉඳලම බොහොම ලස්සන සුරංගනා ලෝකයක් මවලා තියෙන්නෙ. ඕන තරම් සල්ලි, සැප, යාන වාහන..... ඒත් අවුරුදු හතර ගෙවිලා කෝට් එකත් දාගෙන එලියට බැස්සම තමයි තේරෙන්නේ මෙච්චර කල් තමන් අහු වෙලා හිටියෙ බොහොම දරුණු මාකටින් පාරකට කියලා, ඒත් එතකොට පරක්කු වැඩියි.තමන් මවාගෙන හිටපු සුරංගනා ලෝකෙ හොයාගෙන දුවන එක තමයි ඊලඟ රාජකාරිය. එහෙම දුවන ගමනෙදි යාලුවො, නෑදෑයො, මිනිසුන්ගෙ දුක, කඳුල මේ ඔක්කොටම ලැබෙන්නෙ මුදල්මය වටිනාකම්.වැඩි දෙනා කුහකකම ඉරිසියාව පිරිලා ඉතිරිලා ගිය නරුමයෝ වෙලා, ඒ අතර අතලොස්සක් වන සුන්දර මිනිස්සු හැංගිලා ගිහිල්ලා. මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නෙ. මට බෑ නරුමයෙක් වෙන්න...... ඒත් එහෙම කියල උඩු ගං බලා පීනන්නද. මට තේරෙන්නෙ නෑ.......
Labels:
අලුත්කඩේ
Subscribe to:
Post Comments (Atom)
මේ බ්ලොග් එකේ ඉදිරයට මොනා ගැන ලියැවේද කියල හිතා ගන්න අමාරුයි.නීතිඥයෝ කියන්නේ සල්ලි පස්සෙ දුවන මනුස්ස කමක් ගෑවිලාවත් නැති දිනන පරදින දෙපැත්තෙන්ම සල්ලි ගන්න අමන ජාතියක් විදියට තමයි ලේබල් වෙලා තියෙන්නේ ඒත් මේ බ්ලොග් එකේ ලියැවෙන දේවල් වලින් අපට ඉගෙන ගන්න දේවල් තියේවි.වෘත්තීය අත්දැකීම් ගැන ලියයිද?
ReplyDelete@JHOTHISHALANKA, මේ පැත්තට ඇවිත් අදහසකුත් පල කරලා ගියාට ගොඩාක් ස්තුතියි, ගොඩාක් දේවල් ලියන්න බලා පොරොත්තු වෙනවා,ඒ අතර වෘත්තිය අත්දැකීමුත් තියේවි. නීතීඥයන්ට ගහලා තියන ලේබලේ ගැන ඉදිරි ලිපියකදි කියන්නම්....
ReplyDelete